අහස නිරීක්ෂණ එක්දින වැඩමුළුව - සිංහල මාධ්‍ය (Ages 6 -11) - දෙසැම්බර් 14 (සෙනසුරාදා), 2024

Volume : NaN
Category : Kids Workshop
Rs. 5,000.00
-
+
31 more available

සෞරග්‍රහ මණ්ඩලය, චක්‍රාවාට සහ විශ්වය පිළිබද කියා දෙමින්, රෑ අහසේ තරු රටා හදුන්වා දෙමින්, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මගින් තාරකා විද්‍යා සිද්ධාන්ත පහදමින් ගොඩනැගෙන මෙම වැඩමුළුවේදී අති නවීන දුරදක්න භාවිත කරමින් සද නිරීක්ෂණයටත්, එය සිතියම්ගත කිරීමටත් පොඩ්ඩන්ට අවස්ථාව උදා වේ. රොකටයේ මූලධර්ම සහ ක්‍රියාකාරීත්වය සරලව ඉගැන්වෙන අතර ජල රොකට්ටු තනමින් ඒ්වා ගුවන්ගත කිරීම මෙහිදී සිදුවේ. තරුරටා, මන්දාකිණි, නිහාරිකාවල සරල ආකෘති නිර්මාණය කෙරේ.

අභ්‍යවකාශගාමියෙකු ලෙස ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන මෙය විනෝදයෙන් තාරකා විද්‍යාව ඉගෙනීමට ලංකාවේ ඇති එකම වැඩමුළුවයි.මෙම වැඩමුළුව වසරේ සීමිත කාල වකවානුවක පමණක් පැවැත්වේ.සියලුම ආකෘති සදහා වන අමුද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් අත්පොත් නොමිලේ සපයනු ලැබේ.


සිංහල මාධ්‍ය - දෙසැම්බර් 14 (සෙනසුරාදා ), 2024     

වේලාව - ප.ව. 5.30 -10.00

ලියාපදිංචි වීමේ අවසාන දිනය : දෙසැම්බර් 12, 2024


ඉතාම සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

කාලගුණය අයහපත් වුවහොත් මෙම වෑඩසටහන වෙනත් දිනයකට කල්දෑමිම සිදුවේ.


ස්ථානය - තාරකා විද්‍යා ආයතනය IOAS  145/5A  සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල

විමසීම් - 077 6262032


























Please select your district and the city×